සංසාර ආරණ්‍යයේ
Sansara Aranye

Song

සංසාර ආරණ්‍යයේ ගී පද / Sansara Aranye Lyrics

සංසාර ආරණ්‍යයේ 
මේ රම්‍ය වන තීරයේ........
පුසුබක් ලෙසින් රැදුනා ද මා
ඒ සුවඳ සිහිනයකි සංසාරයේ........
 
හා......හාහ.......හා........
උප නූපන් හැම ආත්මයේ
මේ සෞම්‍ය මිටියාවතේ.......
කොතරම් දුරක් ආවාද මං
ඒ ඇසුර සිහිනයකි සංසාරයේ........
 
නදියක් ලෙසින් ගලමි 
දෑලේ පිපෙන මල්..........
සිඹිමින් සදා ආදරෙන්
 
කුමුදක් ලෙසින් පිපෙමි 
තුරුලේ රැයෙක මං........
සැග වී සඳේ කාන්තියෙන්.........
සැග වී සඳේ කාන්තියෙන්.........
 
ඒ සුවඳ සිහිනයකි සංසාරයේ.........
ඒ සුවඳ සිහිනයකි සංසාරයේ.........
 
අහසක් ලෙසින් නැගෙමි
නොහෙලා ලොවක ගිම්.........
රහසින් උදා ස්නේහයෙන්
 
තරුවක් ලෙසින් එබෙමි
අඳුරේ රැයෙක මං.........
අහසේ ඔබේ නිලබරින්........
අහසේ ඔබේ නිලබරින්.........
 
ඒ රහස සිහිනයයි සංසාරයේ
ඒ අඳුර සිහිනයයි සංසාරයේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS