Lyrics
රූපෙනා විරාජමාන දේවි මේඝනා
මට වාසනා ගෙනා හිනා ඉනාව සෝබනා
පළඳා සුගන්ධ මාලා
නුඹ හා හිඳින්න ඕනා
එකම නමයි එ නුඹෙයි හිත මුමුණන්නේ මා
එතන තැනයි නිවනා මා ජීවිතේ
එකම කෙනයි එ නුඹයි මේ ලොව දන්නේ මා
එතන තමයි හැම දේ මා ලෝකේ
හද දිනු ලයාවී නුඹ ගැන කියාවී
මගෙ හිත රස කර ගී පේලී
මා නුඹ හිනාවී පා යුග තියාවී
මනරම් ලෝකෙක හෙට ශ්‍රීදේවී
එකම නමයි එ නුඹෙයි හිත මුමුණන්නේ මා
එතන තැනයි නිවනා මා ජීවිතේ
එකම කෙනයි එ නුඹයි මේ ලොව දන්නේ මා
එතන තමයි හැම දේ මා ලෝකේ
නැවතුම තියාවී තනිකම නිවාවී
දවසක නුඹ ලඟ මා ප්‍රේමී
ආදර මනාලී මා ලඟ හිඳීවී
රතු මල් පොකුරක් දෑතේ වේවී
එකම නමයි එ නුඹෙයි හිත මුමුණන්නේ මා
එතන තැනයි නිවනා මා ජීවිතේ
එකම කෙනයි එ නුඹයි මේ ලොව දන්නේ මා
එතන තමයි හැම දේ මා ලෝකේ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Mal Puda
මල් පුදා ලද හැකිද නිවනක්