තරහෙන් අහක බලා.. ඔබ නොදොඩා යනවා
Tharahen Ahaka Bala
  • Lenght : 03:21

  • Song

    තරහෙන් අහක බලා.. ඔබ නොදොඩා යනවා ගී පද / Tharahen Ahaka Bala Lyrics

    තරහෙන් අහක බලා
    ඔබ නොදොඩා යනවා.....
     
    හෙට දවසේ යළි හමුවී
    ඔබ මා සනසනවා.....
    දෙනුවන් කැල්ම හෙලා
    ඔබ හිනැහී දොඩනා.....
    ඒ වදනේ මා බැඳිලා
    තව ආදරේ වෙනවා......
     
    පෙම් හසරැල් සඟවන් මුහුණේ
    නැගෙනා මොහොතේ ඔබගේ......
    මා සැනසුම් සුසුමන් හෙලුවා
    ඔබ හා බැඳිලා රහසේ......
    ඩිංගක් විහිළු කලා.....
    ඇයි මේ තරහා වෙලා......
    තරහෙන් අහක බලා
    ඔබ නොදොඩා යනවා.....
    හෙට දවසේ යළි හමුවී
    ඔබ මා සනසනවා.....
    දෙනුවන් කැල්ම හෙලා
    ඔබ හිනැහී දොඩනා.....
    ඒ වදනේ මා බැඳිලා
    තව ආදරේ වෙනවා......
     
    ළංවුනොතින් මොහොතක් ඔබගේ
    සුවඳේ රැඳිලා මසිතේ......
    දුක් වියවුල් නිවෙමින් දැනුණා
    සහනේ ඔබගේ සෙනෙහේ....
    ඩිංගක් විහිළු කලා.....
    ඇයි මේ තරහා වෙලා......
     
    තරහෙන් අහක බලා
    ඔබ නොදොඩා යනවා.....
    හෙට දවසේ යළි හමුවී
    ඔබ මා සනසනවා.....
    දෙනුවන් කැල්ම හෙලා
    ඔබ හිනැහී දොඩනා.....
    ඒ වදනේ මා බැඳිලා
    තව ආදරේ වෙනවා......
    තව ආදරේ වෙනවා......
    තව ආදරේ වෙනවා.......

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS