දෑස වසාගමි
Daesa Wasagami
  • Category : Lyrics Video

  • Lyrics

    Daya
    De
    Song

    දෑස වසාගමි ගී පද / Daesa Wasagami Lyrics

    දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
    සිහිනෙක දැවටී ඔබ එනවා
    හිත සිරකරගමි ඔබට නොඑන්නට
    සිතුවිල්ලක් වී ඔබ එනවා...
     
    අහසට ඔසවන විටකදී නෙත් යුග
    හිරු සඳු වී ඔබ හිනැහෙනවා
    මිහි මත පියකරු දසුනක් වේ නම්
    ඔබේ රුව ඒ තුළ දැවටෙනවා...
     
    පාළුව ඉවසා මා තනිවෙද්දී
    සුසුමක් වී පසුපස එනවා
    කල්පිත ලෝකේ ගී පොත පෙරළා
    ගීයක් වී ඔබ වැලපෙනවා...
     
    අහසත් පොළවත් ඔබම ද මාහට
    නැතුවද ඔබ මා හැරයන්නේ
    තහනම් දේසේහි බැඳි බැමි බිඳ දා
    කෙදිනද ඔබ මා හමුවන්නේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS