මොහොතක් දැවටී මාව සිඹිනා
සුළගක් ඇවිදින් මා සොයා
හුරු වේදනා සාදලා
දුර යාවී දැන් මා දමා
නොරැදී බිදුවක් ඈත ඇදෙනා
නුඹගෙන් සැනසුම් කෝ කියා
හිත පෑරෙනා රෑ පුරා
තාමත් මං හොයනවා
සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා
ඉහිලුම් සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
හීනෙන් පුරා
ඔබ හා මා
රිදවූ මතකේ දෑස වසලා
කදුලක් ඇවිදින් මා සොයා
මගෙමැයි කියා කී කතා
දෙසවන් මත ඇහෙනවා
යහනේ තනිකම් හීන රිදවා
ඇවිලේ සුසුමන් මා දවා
හිත පෑරේනා රෑ පුරා
අරුතක් මං සොයනවා
සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා
ඉහිලූ සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
ඔබ හා මා සිසාරා සිසාරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා
සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Aatha Gaganathe
ඈත ගගනතේ
Aloke Pathura
ආලෝකේ පතූරා
Aa Maga ketyi
ආ මග කෙටියි
Galana dole pena bubulayi
ගලන දොලේ පෙන බුබුලයි