🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 01 November 2026
Galana dole pena bubulayi
Play Video
Lyrics Video ▶ YouTube Original Song

Galana dole pena bubulayi

ගලන දොලේ පෙන බුබුලයි

Watch on YouTube
ගලන දොලේ පෙන බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුළයි ආදරේ
 
මහ ගල් කුළු ඉහළ නගා
සුළං රොදින් සුසුම් හෙලා
ඈත සිහින් වලා පෙළින්
රහස අසයි ආදරේ
 
නිල් කඳු වැටි පීරා
පායන සඳ රේඛා
එබී බලා නිහඬ රැයක
රහස අසයි ආදරේ
 
මහ ගස් අතු ඉහළ බලා
කුරුළු හඬින් ගීත ගයා
වෙළෙන වැලේ පිපෙන මලින්
රහස අසයි ආදරේ
 
ගලන දොලේ පෙන බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුළයි ආදරේ

🎵 Related Songs

View All →
SEEMA
▶
SEEMA
සීමා
2022
Aatha Gaganathe
▶
Aatha Gaganathe
ඈත ගගනතේ
2019
Aloke Pathura
▶
Aloke Pathura
ආලෝකේ පතූරා
Aa Maga ketyi
▶
Aa Maga ketyi
ආ මග කෙටියි
Nil Ahase Tharu Keta
▶
Nil Ahase Tharu Keta
නිල් අහසේ තරු කැට