Bambaru Awith
1978
View film songs
උදුම්බරා හිනැහෙනවා
උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කඳුළු වැහි වැහලා
ගිනිගෙන රත්වුණු දවසක්
සැනසෙන එක සැන්දෑවක
මුහුදු කොනේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
කළුවර දුම එක හුස්මට
මුළු ලෝකෙම වසා ගන්න
කළුවර දුම එක හුස්මට
මුළු ලෝකෙම වසා ගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරිසල් කිරි උදුම්බරා
සිනා කඳුළු වගුරනවා
ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව ඔබ මා නොව
දවසක් දා
හඳුනා ගත්තොත් ඔබ මා
ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව ඔබ මා නොව
දවසක් දා
හඳුනා ගත්තොත් ඔබ මා
ඒ මොහොතෙම එක හුස්මක
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම
හඳුනා ගත්තොත් ඔබ මා
මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය
උදුම්බරා කදුළු සලයි
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
Hemin Sare Piya Wida
හිමින් සැරේ පියා විදා
Sudu Sela Muthu Mala
සුදු සේල මුතු මාලා