🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 04 October 2026
ඈත අහසේ නැඟේ දිනිඳු පායා.. 
සීත සුළඟින් ගෙනාවේ ආදරේ.. 
ආදරේ..
ආදරේ සිහින ඡායා...  
ඈත අහසේ නැඟේ දිනිඳු පායා...  
 
තරුණ ගොයමින් ගමේ වෙල් සිනාවේ
කවුරු සනසන්න දෝ මේ වෙලාවේ..  
පුරුදු ගතියයි කැලෑ මල් ගෙනාවේ
ලොවම සුවඳින් පිරේ වාසනාවේ.. 
කවුද මට මේ සුවය දුන්නේ..  
හැංගි හැංගී පෙනේ රූප ඡායා..  
ඈත අහසේ නැඟේ දිනිඳු පායා.... 
 
ගොපලු දරුවන් වැයූ බටනලාවේ
මිහිර කවුදෝ අනේ මේ ගෙනාවේ.. 
අඳුරු යුගයක් ගෙවූ වේදනාවේ
සුවය ලැබුවා ඔබේ මල් හිනාවේ..  
කඳුළු ගංගා සිඳී යන්නා..  
කවුද ඇන්දේ හදේ රූප ඡායා.. 
ඈත අහසේ නැඟේ දිනිඳු පායා....  
 
ඈත අහසේ නැඟේ දිනිඳු පායා.. 

🎵 Related Songs

View All →
Mathakada Handewe
▶
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Manike:Thank God
▶
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
🎵
Hada Parana De Pawasanawado
හද පාරන දේ පවසනවාදෝ
Gaya geethayan game wel eliye
▶
Gaya geethayan game wel eliye
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
Dangakari man
▶
Dangakari man
දඟකාරී මං - මද්දුම දෝනී