🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 01 November 2026
Dangakari man
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Dangakari man

දඟකාරී මං - මද්දුම දෝනී

Watch on YouTube
දඟකාරී මං - මද්දුම දෝනී
 
ඔබට අකීකරු නෑ අම්මේ
දඟ කාරී මං - මද්දුම දෝනී
ඔබට අකීකරු නෑ අම්මේ
බක්මී මල වට - බඹරු නටනවා
වරද මලේ සුවඳද අම්මේ
දඟ කාරී මං - මද්දුම දෝනී
ඔබට අකීකරු නෑ අම්මේ
 
 
යන එන අතරේ - පාර දෙපැත්තේ
 
දොරින් දොරට ඇස් - මුමුණනවා
යන එන අතරේ - පාර දෙපැත්තේ
දොරින් දොරට ඇස් - මුමුණනවා
දිවෙන් දිවට රස - කතා ගොතද්දී
කට වටකොට වැට - බඳින්න දෝ අම්මේ
 
 
දඟකාරී මං මද්දුම දෝනී
ඔබට අකීකරු නෑ අම්මේ
 
දහසක් වැටකොටු - තහංචි බැන්දේ
 
මගෙ හිත රැහැනින් - බඳින්නදෝ
දහසක් වැටකොටු - තහංචි බැන්දේ
මගෙ හිත රැහැනින් - බඳින්නදෝ
මට ම මගේ හිත - කීකරු නැතිදා
මුර සෙබළුන් මා - රකින්නදෝ අම්මේ
 
දඟකාරී මං - මද්දුම දෝනී
ඔබට අකීකරු නෑ අම්මේ
බක්මී මල වට - බඹරු නටනවා
වරද මලේ සුවඳද අම්මේ
දඟකාරී මං - මද්දුම දෝනී
ඔබට අකීකරු නෑ අම්මේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ