🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Dangakari man
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Dangakari man

දඟකාරී මං - මද්දුම දෝනී

Watch on YouTube
දඟකාරී මං - මද්දුම දෝනී
 
ඔබට අකීකරු නෑ අම්මේ
දඟ කාරී මං - මද්දුම දෝනී
ඔබට අකීකරු නෑ අම්මේ
බක්මී මල වට - බඹරු නටනවා
වරද මලේ සුවඳද අම්මේ
දඟ කාරී මං - මද්දුම දෝනී
ඔබට අකීකරු නෑ අම්මේ
 
 
යන එන අතරේ - පාර දෙපැත්තේ
 
දොරින් දොරට ඇස් - මුමුණනවා
යන එන අතරේ - පාර දෙපැත්තේ
දොරින් දොරට ඇස් - මුමුණනවා
දිවෙන් දිවට රස - කතා ගොතද්දී
කට වටකොට වැට - බඳින්න දෝ අම්මේ
 
 
දඟකාරී මං මද්දුම දෝනී
ඔබට අකීකරු නෑ අම්මේ
 
දහසක් වැටකොටු - තහංචි බැන්දේ
 
මගෙ හිත රැහැනින් - බඳින්නදෝ
දහසක් වැටකොටු - තහංචි බැන්දේ
මගෙ හිත රැහැනින් - බඳින්නදෝ
මට ම මගේ හිත - කීකරු නැතිදා
මුර සෙබළුන් මා - රකින්නදෝ අම්මේ
 
දඟකාරී මං - මද්දුම දෝනී
ඔබට අකීකරු නෑ අම්මේ
බක්මී මල වට - බඹරු නටනවා
වරද මලේ සුවඳද අම්මේ
දඟකාරී මං - මද්දුම දෝනී
ඔබට අකීකරු නෑ අම්මේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ