Re Ru
1999
View film songs
සුදු සේල මුතු මාල පලඳා මෙමා
ඔබෙ ප්‍රේම රජදහනෙ සිහසුන් දරා
සෙවනැල්ල ලෙස ඉන්න සෙනෙහෙන් සදා
කැන්දාන ගෙනයන්නෙ කවදාද මා....කවදාද මා
සුදු සේල මුතු මාල පලඳන්නෙමී
මගෙ ප්‍රේම රජදහනෙ රඳවන්නෙමී
හිත ගාව හැමදාම හිනැහෙන්නෙමී
කැන්දාන ගෙනයන්න මම එන්නෙමී
මම එන්නෙමී
පෙරදාක පැතුසේම සංසාරයේ
මගෙ දෑත ඔබෙ දෑත හමුවී තියේ
පෙරදාක දුර ඈත සංසාරයේ
ඔය දෑස දුටුවාසෙ මතකේ තියේ
බොඳවී ගියාදෙන්...
බොඳවී ගියාදෙන් දෙනුවන් තෙමා
සැනසීම ගෙනදුන්න ඒ ආදරේ
සැනසීම ගෙනදුන්න ඒ ආදරේ...ඒ ආදරේ...
ඔබෙ දෑසෙ මදහාසෙ මැකිලා තියේ
පවසන්න සිත ඇයිද සසලයි ඔබේ
ඔය බැල්ම නෙතු කැල්ම සොඳුරේ ඔබේ
දුටුවාම සිත මාගෙ ගොළුවී ගියේ
මැකිලා ගියාදෙන්....
මැකිලා ගියාදෙන් සිහිනෙන් පවා
හද මාගෙ රිදවූව ඒ ආදරේ
හද මාගෙ රිදවූව ඒ ආදරේ...ඒ ආදරේ...
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා