🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 01 November 2026
Film Song ▶ YouTube Original Song 1999

Sudu Sela Muthu Mala

සුදු සේල මුතු මාලා

Watch on YouTube
සුදු සේල මුතු මාල පලඳා මෙමා
ඔබෙ ප්‍රේම රජදහනෙ සිහසුන් දරා
සෙවනැල්ල ලෙස ඉන්න සෙනෙහෙන් සදා
කැන්දාන ගෙනයන්නෙ කවදාද මා....කවදාද මා
 
සුදු සේල මුතු මාල පලඳන්නෙමී
මගෙ ප්‍රේම රජදහනෙ රඳවන්නෙමී
හිත ගාව හැමදාම හිනැහෙන්නෙමී
කැන්දාන ගෙනයන්න මම එන්නෙමී
මම එන්නෙමී
 
පෙරදාක පැතුසේම සංසාරයේ
මගෙ දෑත ඔබෙ දෑත හමුවී තියේ
පෙරදාක දුර ඈත සංසාරයේ
ඔය දෑස දුටුවාසෙ මතකේ තියේ
බොඳවී ගියාදෙන්...
බොඳවී ගියාදෙන් දෙනුවන් තෙමා
සැනසීම ගෙනදුන්න ඒ ආදරේ
සැනසීම ගෙනදුන්න ඒ ආදරේ...ඒ ආදරේ...
 
ඔබෙ දෑසෙ මදහාසෙ මැකිලා තියේ
පවසන්න සිත ඇයිද සසලයි ඔබේ
ඔය බැල්ම නෙතු කැල්ම සොඳුරේ ඔබේ
දුටුවාම සිත මාගෙ ගොළුවී ගියේ
මැකිලා ගියාදෙන්....
මැකිලා ගියාදෙන් සිහිනෙන් පවා
හද මාගෙ රිදවූව ඒ ආදරේ
හද මාගෙ රිදවූව ඒ ආදරේ...ඒ ආදරේ...

🎵 Related Songs

View All →
Mathakada Handewe
▶
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Manike:Thank God
▶
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
▶
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
▶
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965
Udumbara Hinahenawa
▶
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා
1978