සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුල පමණද මේ ලෝකේ..//
සිත හඬයි
ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දෑවේ
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
තාම රැඳුනු මා දෑසේ සිහිනයක්ද මායාවේ
ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ
සැමදා ප්‍රියේ මා... ඔබට ආදරෙයි
ඉන්න බෑ ලංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ
දිවිය අද මේ අඳුරු කලේ
ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
පාලු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන් වූයේ ආදරේට පිටු පෑවේ
සඳට අහස වාගේ මලට සුවඳ වාගේ
සෑමදා ප්‍රියේ මා... ඔබට ආදරෙයි
සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුල පමණද මේ ලෝකේ
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna