🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 05 October 2026
Sitha Hadai Ma Thaniwee (Remix)
Play Video
Duration ⏱ 03:42
Category Music Video
Music Video ▶ YouTube Remix Song

Sitha Hadai Ma Thaniwee (Remix)

සිත හඬයි.. මා තනිවී (නව රිද්ම)

Watch on YouTube
සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුල පමණද මේ ලෝකේ..//
 
සිත හඬයි
 
ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දෑවේ
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
තාම ‍රැඳුනු මා දෑසේ සිහිනයක්ද මායාවේ
ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ
සැමදා ප්‍රියේ මා... ඔබට ආදරෙයි
 
ඉන්න බෑ ලංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ
දිවිය අද මේ අඳුරු කලේ
 
ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
පාලු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන් වූයේ ආදරේට පි‍ටු පෑවේ
සඳට අහස වාගේ මලට සුවඳ වාගේ
සෑමදා ප්‍රියේ මා... ඔබට ආදරෙයි
 
සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුල පමණද මේ ලෝකේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026