සිනා පිපෙනා මේ වසන්තය ගී පද / Sina Pipena Me Wasanthaya Lyrics
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ...සිනා සී..
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී...ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...
නිබඳ සුවදයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා...//
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැලද සැනසෙන
තැනක සඟවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා...//
