🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Film Song ▶ YouTube Original Song 1982

Sihina Ahase Wasanthe

සිහින අහසේ වසන්තේ

Watch on YouTube
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා
රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැඟුම්
සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා
මග එළි මවනා තරුකැන් හමුවේ තනිවූ කතර ඉමේ
ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ
බිඟු නද පාවේ ඔබ හඬ වාගේ සවනේ රැව්දේ
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා
රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
සිහිලැල් පවනේ ගී හඬ විසිරී මතකය ඈත රැඳේ
මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුදදෙම් සැමදා මහද ප්රණාමේ
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා
රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැඟුම්
සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා

🎵 Related Songs

View All →
Mathakada Handewe
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Manike:Thank God
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965
Udumbara Hinahenawa
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා
1978