ගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
සුළං රැලක් සේ පාවි ආවත්
සුළං රැලක් සේ ආපසු යන්නට බෑ
සුසුම් පොදක් වී රහසේ වැදුනත්
තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ //
සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
ජිවිතයේ නව සුවඳ සදා දෙන සැමදා
ඔබවන් සුවඳක් කිසි මල් උයනක නෑ
මේ දිගු ගමනේ විඩා නිවා සිත නිවනා
ඔබවන් සිසිලක් හිමගත අරණක නෑ //
සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
Related Songs
View All →
Kele Mal
කැලැ මල් පිබිදේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ