🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 05 October 2026
Kele Mal
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Kele Mal

කැලැ මල් පිබිදේ

Watch on YouTube
කැලෑ මල් පිපෙයි සුවඳ දිදී
තුරු වදුලේ... වනන්තරේ
අමා ලොල් බඹර පිරිස ඇදේ
මලින් මලට හිමින් සැරේ
 
සිනා රැල් නැගේ ගිගිරි නදින
රේණු සැලෙයි නිරන්තරේ
සදා කල් හඬා... වැළපීමයි
කැලෑ මලේ... කතන්දරේ..
 
සලෙළ දනන් කුල්මත් කළ ඔමරි ලතාවයි
මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවන් කැළෑ මලෙක කතාවයි
 
කැලෑ මල් පිපෙයි සුවඳ දිදී
තුරු වදුලේ... වනන්තරේ
අමා ලොල් බඹර පිරිස ඇදේ
මලින් මලට හිමින් සැරේ
 
සිනා රැල් නැගේ ගිගිරි නදින
රේණු සැලෙයි නිරන්තරේ
සදා කල් හඬා... වැළපීමයි
කැලෑ මලේ... කතන්දරේ..
 
ළඳුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමා වන්
මල් පත්තිනි අම්මා වරු වන් වනිතාවන්
මල් මේ ළඳුන් අතර තුරේ වාසනා වන්
 
කැලෑ මල් පිපෙයි සුවඳ දිදී
තුරු වදුලේ... වනන්තරේ
අමා ලොල් බඹර පිරිස ඇදේ
මලින් මලට හිමින් සැරේ
 
 
සිනා රැල් නැගේ ගිගිරි නදින
රේණු සැලෙයි නිරන්තරේ
සදා කල් හඬා... වැළපීමයි
කැලෑ මලේ... කතන්දරේ..

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026