🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 31 October 2026
Film Song ▶ YouTube Original Song 1968

Etha Himale

ඈත හිමාලේ

Watch on YouTube
ඈත හිමාලේ සීතල සෙවණේ
නාරිලතා උයනේ...
පිපුණ මලක් දෝ ආදර මැණිකේ..
 
නාරිලතා මල ඔබටයි හද නැඟුනේ
නෙළුවා ඒ මල පළඳින්නට ළමැදේ...
 
දෑතෙහි පැටලුණ රතැඟිලි තුඩු අතරේ
හද කිති ගන්වන උණුසුම් සුව ඉතිරේ... ඉතිරේ..
 
හද මල් යහනෙහි නළවමි මගේ මැණිකේ.. මැණිකේ
සැතපෙන නින්දේ ඔබමයි මගෙ සිහිනේ...සිහිනේ
 
පෙම් රැළි රේඛා රැළි පිට රැළි නැඟුනේ
කවුදෝ පීනා යයි ඔබ හද පොකුණේ..
 
මැණික් ජලාසේ මගෙ පෙම් හද පොකුණේ
ඔබෙ රූ හස පැටවුන් පිහිනති මැණිකේ.......
මිහිරේ.... සිහිනේ.....

🎵 Related Songs

View All →
Mathakada Handewe
▶
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
▶
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
▶
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
▶
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965