Adaravanthayo
1968
View film songs
ඈත හිමාලේ සීතල සෙවණේ
නාරිලතා උයනේ...
පිපුණ මලක් දෝ ආදර මැණිකේ..
නාරිලතා මල ඔබටයි හද නැඟුනේ
නෙළුවා ඒ මල පළඳින්නට ළමැදේ...
දෑතෙහි පැටලුණ රතැඟිලි තුඩු අතරේ
හද කිති ගන්වන උණුසුම් සුව ඉතිරේ... ඉතිරේ..
හද මල් යහනෙහි නළවමි මගේ මැණිකේ.. මැණිකේ
සැතපෙන නින්දේ ඔබමයි මගෙ සිහිනේ...සිහිනේ
පෙම් රැළි රේඛා රැළි පිට රැළි නැඟුනේ
කවුදෝ පීනා යයි ඔබ හද පොකුණේ..
මැණික් ජලාසේ මගෙ පෙම් හද පොකුණේ
ඔබෙ රූ හස පැටවුන් පිහිනති මැණිකේ.......
මිහිරේ.... සිහිනේ.....
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා