බොඳ මීදුම් කඳු රැල්ලේ.. සුරංගනා රජ දහනේ
Bonda Meedum Kandu Ralle
  • Lenght : 04:52

  • Song

    බොඳ මීදුම් කඳු රැල්ලේ.. සුරංගනා රජ දහනේ ගී පද / Bonda Meedum Kandu Ralle Lyrics

    බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ
    ඔබේ සිනා කඳුළු බිඳත් හෙටත් වාසනා
    හෙටත් වාසනාවන්
     
    සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ
    ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා
    මටත් වාසනාවන්
     
    සිතක තැවුල් සන්සිදිලා
    මිටියාවත මල් ඉසිලා
    මල් වරුසා සුවඳ සමය
    මටත් වාසනා මටත් වාසනාවන්
     
    රෑ සියන්නෙ නොනිමි නාද
    සැවුල් කොවුල් විහඟ ගීත
    අපට ඇරුණු හුදකලාව
    මටත් වාසනා හෙටත් වාසනාවන්
     
    මාල හතක් පලදන්නට
    හීන හතක් එළි වන්නට
    දොළොස්මහේ පහන් නිවී
    මටත් වාසනා හෙටත් වාසනාවන්
     
    අනාගතය කිරුළු දරා
    දෙපාමුලට වඩින තුරා
    ළවන් පොඟන මියුරු තෙපුල්
    මටත් වාසනා හෙටත් වාසනාවන්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS