බෝධියේ විහාරයේ.. පිදූ පියුම් වැනි වූ
Bodiye Viharaye
  • Film : Athin Athata
  • Year : 1983
  • Category : Film Song
  • Lenght : 03:08

  • Song

    බෝධියේ විහාරයේ.. පිදූ පියුම් වැනි වූ ගී පද / Bodiye Viharaye Lyrics

    බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
    බාලිකා ලොව මැලවුණ දා
    මුලු ලොවටම රෑ වෙනවා
    බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
    බාලිකා ලොව මැලවුණ දා
    මුලු ලොවටම රෑ වෙනවා
     
    ජීවිතේ පියාඹමින් සිනා සිසී හිඳිනා
    ඒ සිනා මා බොළඳ නෙතේ
    උණු කඳුලක් කරනු එපා
     
    බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
    බාලිකා ලොව මැලවුණ දා
    මුලු ලොවටම රෑ වෙනවා
     
    මල් පොහොට්ටු මා හදේ
    සුරංගනා පොකුණේ
    මල් වරම් ලැබ පිපෙන තුරා
    ඔබ නටුවෙන් බිඳිනු එපා
     
    බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
    බාලිකා ලොව මැලවුණ දා
    මුලු ලොවටම රෑ වෙනවා..//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS