ආදර මගෙ ජේසුනී කලකින් ඔබ අමතමී (Cover)
Adara Mage Jesuni (Cover)
  • Lenght : 04:47

  • ORIGINAL SONG INFO
  • Vocal : Rookantha Goonatillake
  • Lyrics : Rookantha Goonatillake
  • Music : Rookantha Goonatillake

  • SongOriginal Song

    ආදර මගෙ ජේසුනී කලකින් ඔබ අමතමී (Cover) ගී පද / Adara Mage Jesuni (Cover) Lyrics

    ආදර මගෙ ජේසුනී
    කලකින් ඔබ අමතමී
    කොහොමද ඔබගේ තතූ සමි‍ඳේ
    සිතු සිතු දේ මම කළා
    ඔබෙ දහමේ ගුණ නසා
    අද ඔබ ළඟ වැඳ වැටී හඬමී
     
    මා හසුවී මාරුතේ
    මඟ වැරදී මාවතේ
    මේ ලියමන ලියමි මා සමි‍ඳේ
    මහ කරුණා සාගරේ
    ඔබ පමණයි ආදරේ
    සැනසුම මට දෙන්නකෝ සමි‍ඳේ
     
    ජේසුනි මම ආදරෙයි
    ඔබෙ පෙම ඊටත් වැඩියි
    සැමදා මම ණයගැතියි ඔබට
    ඔබ දුන් හැම දේටමත්
    මට දුන් නැති දේ හටත්
    තුති පුදනෙමි ආදරෙන් සමි‍ඳේ
     
    ආද‍ර මගෙ ජේසුනී
    හමුවෙමු යළි මතු දිනේ
    දින දින වැජඹේ ලොවේ සමි‍ඳේ
    සිතු සිතු දේ මම කළා
    ඔබ අනුකම්පා කළා
    මම ඔබ ළඟ වැඳ වැටී හඬමී

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS