යෙහෙලියක සේ.. සොයුරියක සේ
Yeheliyaka Se Soyuriyaka Se
  • Category : Music Video
  • Lenght : 03:09

  • Song

    යෙහෙලියක සේ.. සොයුරියක සේ ගී පද / Yeheliyaka Se Soyuriyaka Se Lyrics

    යෙහෙලියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින් 
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුළු දෑසින්//
     
    හැඳින ගත්තේ අප උනුන්
    පෙම්වතුන් වීමෙන්
    අප උපන්නේ ඒ දිනේ
    ප්‍රේමයේ නාමෙන්
    ඉතින් කෙලෙසද මා බලන්නේ
    ඔබ දිහා එලෙසින්
    යෙහෙලියක සේ සොයුරියක සේ
    පෙම් කඳුළු දෑසින්
     
    යෙහෙලියක සේ සොයුරියක සේ .....
     
    ඔබම ඔබෙ සිත රවටමින්
    අහක බැලු දවසේ
    ඔබ ඉවත හල මා අදත්
    හඬමි පෙම් පියසේ
    ඉතින් කෙලෙසද මා බලන්නේ
    ඔබ දිහා එලෙසින්
    යෙහෙලියක සේ සොයුරියක සේ
    පෙම් කඳුළු දෑසින්
     
    යෙහෙලියක සේ සොයොරියක සේ....‍

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS