වළා යහනෙ සද සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස සිහිවී
එන්නට පියවර තැබුවත් මා සිතින්
ඔබ අන්සතු මලකි
මම ඔබට තියෙන ආදරේ තරම්
ඔබ තවම දන්නෙ නෑ රත්තරං
දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම්
අනාතකල සිතිවිලි අතරේ මා
සදාතනික සෙනෙහස සෙව්වා..
අනාතකල සිතිවිලි අතරේ.. මා..
සදාතනික සෙනෙහස සෙව්වා..
සිනාසුනේ ඔබ හඩා වැටුනෙ මම
මල් පරවී යනදා
වළා යහනෙ සද සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස සිහිවී
එන්නට පියවර තැබුවත් මා සිතින්
ඔබ අන්සතු මලකි
මම ඔබට තියෙන ආදරේ තරම්
ඔබ තවම දන්නෙ නෑ රත්තරං
දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම්
විරාජිතව අතිනත පැටලූ දා
පරාජිතව නොතැවුනි ඔබ මා ..
විරාජිතව අතිනත පැටලූ දා
පරාජිතව නොතැවුනි ඔබ මා ..
අවාසනාවට හීන පුරෝගෙන
මතකය ඉකිබින්දා
වළා යහනෙ සද සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස සිහිවී
එන්නට පියවර තැබුවත් මා සිතින්
ඔබ අන්සතු මලකි
මම ඔබට තියෙන ආදරේ තරම්
ඔබ තවම දන්නෙ නෑ රත්තරං
දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම්
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna