විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා
පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
කස්තුරි කපුරු කෑ තරමට එපා උනී
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී
ඇස් රතු කළ කොළොප්පමකට හිනා උනී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී
විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා
පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
මෝල් ගසත් ඇවිලුණි කරුම ගින්නට
උණුසුම මදි වුණා ඔය පැලෙ ඉන්නට
ආගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට
විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා
පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි