🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Udumbara Manaliye
Play Video
Duration ⏱ 02:25
Category Unknown
Unknown ▶ YouTube Original Song

Udumbara Manaliye

උදුම්බරා.. මනාලියේ

Watch on YouTube
උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//
උදුම්බරා
 
අංජන මධු සුවඳ පැනින් රූසිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොණේ මවා
ඔබේ ලොවට මා ගෙනයන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
 
උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා
 
කෝකිල රජදහන් පවා හඬින් උමතු වෙලා
සීගිරි සුර දූත ළඳුන් හොරෙන් මුකුළු කළා
ඔබේ ලොවට මා ගෙනයන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
 
උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//
උදුම්බරා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ