තුන් සිත දැහැන් ගතවෙනා.. සිතුවිලි සසල කරවනා
Thun Sitha Dahan Gatha Wena
  • Lenght : 04:34

  • Song

    තුන් සිත දැහැන් ගතවෙනා.. සිතුවිලි සසල කරවනා ගී පද / Thun Sitha Dahan Gatha Wena Lyrics

    තුන් සිත දැහැන් ගත වෙනා
    සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ
    සිත ලඟ ගයනව ද ඔයා...
    තුන් පැය අතර නිමවෙනා
    මතකය අතර රැදවෙනා
    සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම
    සිත ලඟ රඟනවද ඔයා...
     
    නෙතගට කඳුල ගෙන දෙනා
    නරඹන සිතද හඬවනා
    දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක
    රගන්න කියන්නට එපා...
    තනිකම සිතට කැඳවනා
    තනිවම සිතින් වැලපෙනා
    දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
    ගයන්න කියන්නට එපා...
     
    තුන් සිත දැහැන් ගත වෙනා...//
     
    පෙම්බර වදන් වැල විනා
    දුක්බර දෙබස් නම් එපා
    සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක
    දුක්බර චරිතයක් එපා...
    සුන්දර අදහසක් තියා
    දුක්බර පදවැලක් ලියා
    සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක
    දුක්බර ගැයුම නම් එපා...
     
    තුන් සිත දැහැන් ගත වෙනා...//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS