🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 02 October 2026
Thun Sitha Dahan Gatha Wena
Play Video
Duration ⏱ 04:34
Category Unknown
Unknown ▶ YouTube Original Song

Thun Sitha Dahan Gatha Wena

තුන් සිත දැහැන් ගතවෙනා.. සිතුවිලි සසල කරවනා

Watch on YouTube
තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ
සිත ලඟ ගයනව ද ඔයා...
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම
සිත ලඟ රඟනවද ඔයා...
 
නෙතගට කඳුල ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක
රගන්න කියන්නට එපා...
තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා...
 
තුන් සිත දැහැන් ගත වෙනා...//
 
පෙම්බර වදන් වැල විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා...
සුන්දර අදහසක් තියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා...
 
තුන් සිත දැහැන් ගත වෙනා...//

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ