තනි මට මේ තරමට රිදවා
Thani Mata Me Tharamata Ridawa
  • Lenght : 03:54

  • Song

    තනි මට මේ තරමට රිදවා ගී පද / Thani Mata Me Tharamata Ridawa Lyrics

    තනි මට මේ තරමට රිදවා
    නුඹ ගිය දුර මේ මා හැරදා
    නුඹ ගැන මා තව තව හිතලා
    තව නෑ සැනසීමක් ලැබිලා
     
    නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
    මා මෙතනම ඉන්නම් රැඳිලා..//
     
    වැටෙන වැටෙන හුස්මක් පාසා
    නුඹව මට සිහිවෙලා
    මුතුකැට පෙම්පත ම පුරා
    කඳුළු වලින් අද බොඳ වීලා
     
    මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා අද
    මා මෙතනම ඉන්නම් රැඳිලා..//
     
    වරදක් කෙරුවද මා කිසිදා
    පෙම් කළ කාලේ පුරා
    අහිතක් නොහිතන හිත
    මා ඔබ හා ඉන්නවා ඔබ දෙසම බලා
     
    මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
    මා මෙතනම ඉන්නම් රැඳිලා..//
     
    තනි මට මේ තරමට රිදවා
    නුඹ ගිය දුර මේ මා හැරදා
    නුඹ ගැන මා තව තව හිතලා
    තව නෑ සැනසීමක් ලැබිලා
     
    නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
    මා මෙතනම ඉන්නම් රැඳිලා..//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS