සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
නොවෙයි කිරින්ද...
මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක
මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක
අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක..
වාඩි වෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ...
කිරින්දෙ සවසක...
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
නොවෙයි කිරින්ද...
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද..
යළි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ සිත..
කිරින්දෙ එනවාද...
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
නොවෙයි කිරින්ද...
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි