සුදු පිරුවටයයි, මංගල යහනයි
කඳුළින් තෙමනු එපා
ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
මට දොස් නගනු එපා
මට දොස් නගනු එපා
සාගරයට වැඩි ආදර හිත් ළඟ
අපි ළදරුවන් වගෙයි
අපේම ලොව තුල තනිවූ දා අපි
දුර නොබැලුවේ ඔබයි
දුර නොබැලුවේ ඔබයි
සුදු පිරුවටයයි, මංගල යහනයි
කඳුළින් තෙමනු එපා
ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
මට දොස් නගනු එපා
මට දොස් නගනු එපා
නෑ සිය මිතුරන් මගේ දෙගුරුන් හෙට
වරද ඔබෙන් විමසයි
විමසන වදනට දෙන්නට පිළිතුරු
තවමත් සිත සසලයි
තවමත් සිත සසලයි
සුදු පිරුවටයයි, මංගල යහනයි
කඳුළින් තෙමනු එපා
ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
මට දොස් නගනු එපා
මට දොස් නගනු එපා
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna