සිතුල්පව්ව වෙහෙර ළඟට සඳක් පායලා
Sithul Pawwa Wehera Langata
  • Lenght : 03:22

  • Song

    සිතුල්පව්ව වෙහෙර ළඟට සඳක් පායලා ගී පද / Sithul Pawwa Wehera Langata Lyrics

    සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා
    කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා 
    විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා 
    අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිල
     
    අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම් 
    සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් 
    හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන් 
    මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම් 
     
    සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා
     
    සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී 
    මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි 
    තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී 
    දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරි
     
    සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS