🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 22 September 2026
Sihiwatanaya Se Kumak Liyannada
Play Video
Duration ⏱ 03:23
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sihiwatanaya Se Kumak Liyannada

සිහිවටනය සේ කුමක් ලියන්නද

Watch on YouTube
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ
 
දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්
ඔබේ නුවන් මට කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්
 
ඈත දිහාවක ආදර වෙරළේ
අපි හමුවූයෙමු අරුණෝදේ
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොඳුරු ලඳේ
සමරු පොත... 70 දශකයේ ඉපදුනු අය මුහුණු පොතට පෙර භාවිත à¶šà¶½ තවත් අපුරු පොතක්. ගැහැණු පිරිමි ළමයින් බොහොමයකට ඔවුන්ගේ පාසල් කාලයේදී එහෙම නැති නම් නව යොවුන් වියේදී සමරු පොත් තිබුනා. මේ පොත් වල ජනප්‍රිය පුද්ගලයන්ගේ අත්සන් වගේම තමන් ඇසුරු à¶šà¶½ පුද්ගලයින්ගේ විවිධ අසිරි සුභ පැතුම් à¶‘à¶šà·Š වී තිබුනා. සමහරුන්ට මේ සුභ පැතුම් හෝ අත්සන ඔවුන්ගේ à¶´à·Š‍රාණය සමාන වුවා. එසේම සමර වෙලාවට කෙනෙකුගේ සමරු පොතක සටහනක් තැබීමට අවස්ථාව ලැබීමත් à¶­à·€ කෙනෙකුට ජීවිතයේ ලැබුණු මා හැගී අවස්ථාවක් උනා. හරියටම කිව්වොත් මුහුණු පොතේ friend request හරි comments හරි එහෙම නැති නම් Likes වගේ තමයි. සමහර සමරු පොත් වල දෙතොලින් කියා ගන්න බැරි à¶‹à¶«à·” බොහෝ දේවල් ලියවිලා තිබුනා. ඇත්තෙන්ම තමන්ගේ à·„à·’à¶­ ගත් තැනැත්තෙකුගෙන් හරි තැනැත්තියකගෙන් සමරු සටහනකට ආරාධනාවක් ලැබුනොත් කුමක් ලියන්නද කියන පැනය නිතැතින්ම එනවා.
 
මේ ගීතය ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ රචනාවක්. ඔහු හොඳ නිවේදකයෙක්. දැන් වගේ වේදිකා වල ලතෝනි දෙන  නිවේදකයෙක් නෙමෙයි. සිත් ඇදගන්න සුළු වචන පෙළක් සමගින් ගායකයන් හා ගායිකාවන් හඳුන්වා දෙන්න ඔහුට පුදුම හැකියාවක් තිබුනා. මේ නිසාම ඔහුගේ බසට සිත් ආදී ගිය ගැහැණු ළමයිනුත් ගොඩක් ඉඳලා තියෙනවා. à¶‘à¶š දවසක් එළිමහන් à¶´à·Š‍රසංගයක නිවේදන කටයුතු කරන අවස්ථාවක ලසන්ත තරුණ ගැහැණු ළමයෙක් ඔහුට සමරු පොතක් දීලා තියෙනවා. කුමක් හෝ හේතුවකට ධර්ම ශ්‍රී ගේ සිත à¶­à·Š පොඩි චකිතයක් ඇති වෙලා තියෙනවා à¶’ වෙලාවේ. à¶’ චකිතය නිසාම කුමක් ලියන්නද කියන පැනය සිතට ඇවිල්ලා තියෙනවා. කොහොම හරි අත්සන à¶‘à·„à·’ සටහන් කරලා. නමුත් à¶’ ගෑණු ළමයගේ රුව නිතරම මතකයේ තිබිලා. à¶’ සිදුවීම පාදක කරගෙන තමයි ඔහු මේ ගීතය ලියන්නේ. 
 
මේ විදිහට ලියූ ගීතය ධර්ම ශ්‍රී ඔහුගේ මිතුරෙකු වන ගායන ශිල්පී චන්ද්‍රකුමාර් කඳනාරච්චි à¶…à¶­à¶§ à¶´à¶­à·Š කළා. නමුත් මේ ගීතය අවසානයේ අබේවර්ධන බාලසූරිය à¶…à¶­à¶§ à¶´à¶­à·Š කළා. 
 
සමරු පොත් සමග ගනු දෙනු කල පුද්ගලයන්ට විවිධාකාර අත්දැකීම් ඇති. ගීතය ගායනය කරන්නේ අබේවර්ධන බාලසුරිය. මා ආසම කරන කටහඬක්. වැඩි ගීත ගණනාවක් ගායනය නොකලට ගායනය කල ගොඩක් ගීත රසිකයන්ගේ මතකයේ රැඳුනා. සංගීතය වික්ටර් රත්නායකගේ. වික්ටර්ගේ ගීත වලට පෙම් බඳිනා රසිකයන්ට මෙය වික්ටර් ගේ කියලා යලිත් හඳුන්වා දෙන්න ඕනනේ නැහැ. ඒ වික්ටර් ලකුණ මේ ගීතයේත් තියෙනවා. අබේවර්ධන බාලසුරියගේ බොහොමයක් ගීත සංගීතවත් කරලා තියෙන්නේ වික්ටර්. සමහර විට ඒ ගීත රසිකයන්ගේ මතකයේ රැදෙන්නත් වික්ටර් ගේ සංගීතය බලපාන්න ඇති.

- Copied

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට