සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී
සබකෝලකම් කරාවි හිත ආදරෙන් පිරේවී
මට නුහුරු ඉඟි කරාවි උන්මාදකම් ගෙනේවී
රතු කම්මුලක් ශ් රීයාවි සිපගන්නමයි හිතේවී..//
මද සිහිලසක් වගේ මා නිවාලමින් සැනසුමක් ගෙනේවී
මුළු ජීවිතේ පුරා අරමුණක් තියා හීනයක් තනාවී
මුදු සීත නිල් දියට තඹර මල වගේ ලෙන්ගතුයි කියාවී
ඔබ දීපු ආදරේ මහ මෙරක් තරම් මගෙ හිතේ දරාවී
ආදරේ දැනේවී
සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී
සඳ පාන පීරමින් පිපෙන කුමුදු මල් නුඹ වෙතයි සුගන්ධි
තරු අහුරු අම්බරේ මවන රූ රටා නුඹ නිසයි සිනාසී
දුර දුවපු හිත අරං ලඟට ලං කරන් ආදරෙන් තවාවී
මට නුඹ තරම් තවත් නෑ සිතුම් පෙලක් හදවතේ ගැහේවී
අාදරේ දැනේවී
සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි