ශෘංගාරේ
Shrungareh
  • Category : Music Video
  • Year : 2022

  • Song

    ශෘංගාරේ ගී පද / Shrungareh Lyrics

    මා හිතවත නුඹ ළඟ හිත 
    පොත පෙරලන මේ හිත තනිවෙලා 
    වැඩි විස්තර ලිව්වා මම 
    එක ලිවුමක නුඹ ගැන හිත හිතා 
    ඒ දවසම හීනයක් වුවා 
    පාලුව සුළඟ සේ ආවා 
     
    නුඹ ගැන ලියා හිත ඇවිලුනා  
    සියුම් ශෘංගාරේ  
    මම නුඹ වුනා නුඹ නුඹ වුනා 
    මට මාව නැති වූයේ //
     
    රෑ වූ නිසා සඳ මා තනිකලා 
    ඒ තරු රටා නුඹටත් දැන් ලංවෙලා 
    මා ගැන කම් නැති දෝ 
    මතකෙට  එන්නැති දෝ 
    නුඹ ගැන හිත හිතා මන් තනිවෙනවා 
     
    නුඹ ගැන ලියා හිත ඇවිලුනා  
    සියුම් ශෘංගාරේ  
    මම නුඹ වුනා නුඹ නුඹ වුනා 
    මට මාව නැති වූයේ //
     
    ප්‍රේමේ කියා නුඹ පෙන්වූ කතා 
    මා හද පුදා රැකගන්නම් දිවි පුරා 
    මා ගැන කම් නැති දෝ 
    මතකෙට  එන්නැති දෝ 
    නුඹ ගැන හිත හිතා මන් තනිවෙනවා
     
    මා හිතවත නුඹ ළඟ හිත 
    පොත පෙරලන මේ හිත තනිවෙලා 
    වැඩි විස්තර ලිව්වා මම 
    එක ලිවුමක නුඹ ගැන හිත හිතා 
    ඒ දවසම හීනයක් වුවා 
    පාලුව සුළඟ සේ ආවා
     
    නුඹ ගැන ලියා හිත ඇවිලුනා  
    සියුම් ශෘංගාරේ  
    මම නුඹ වුනා නුඹ නුඹ වුනා 
    මට මාව නැති වූයේ //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS