සෙන්කඩගල නුවරට
Senkadagala Nuwarata
  • Category : Music Video
  • Year : 2022

  • Song

    සෙන්කඩගල නුවරට ගී පද / Senkadagala Nuwarata Lyrics

    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
     
    ඔබගේ තුරුලේ
    ගිලිහී පරවූ
    මලකී සුළගේ පාවූ
     
    අහසත් කලු වී
    අකුණුත් බොද වී
    කදුලේ පැටලී තනිවී
     
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
     
    අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
    තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව
     
    වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
    දළදා සමිදු පිහිට විතරයි අද හිතට
     
    අහසත් කලු වී
    අකුණුත් බොද වී
    කදුලේ පැටලී තනිවී
     
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
     
    රොබරෝසියා වැටුනු හසුනක් ලග හවස
    පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
    ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම
    ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ
     
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS