සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
Sarasaviyedi Heta Witharai Hamuwanne
  • Category : Music Video
  • Lenght : 05:12

  • Song

    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ ගී පද / Sarasaviyedi Heta Witharai Hamuwanne Lyrics

    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ
    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ
     
    මොරසුරන මහ වැස්සේ තනිකුඩයේ
    අපි තනිවී දොඩමළුවු හැටී දෙනියේ
    කොමළ පපා මුකුළු සිනා පෑ දෙතොලේ
    මතකද මහවැලි දෑලේ සපු සෙවනේ
     
    කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
    එදා ළපළු හෙවනේ සරතැස නිවුනේ
    අපේ මියුරු සිහින පිරුණු රජදහනේ
    මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ
     
    කෝළ බැලුම් හෙළා රඟන පරෙවියනේ
    මාල බැදුණු ගෙල කුමරිගේ හඳපානේ
    හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
    හන්තානේ කුමරියෙ නාඩන් ළසඳේ
     
    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ
    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS