සඳකට තහනම් අහසින් බැස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න.......
අමාවකට ඇති කලුවර අපමණය
සමාව වෙනුවට අපි අද දෙතැනකය
ඔයා නමට ලිවු අන්තිම කවි පදය
දරාගන්න බැරි ගින්දර විතරමය
දරාගන්න බැරි ගින්දර විතරමය..
සඳකට තහනම් අහසින් බැස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න.
පුංචි පැටව්ගේ ලෝකය බිඳුනාම
සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුණාම
හිතන්න රන්කඳ පෙම්කල හින්දාම
පව් සිදුවෙන්නෙත් මේ අපි දෙන්නාට
පව් සිදුවෙන්නෙත් මේ අපි දෙන්නාට...
සඳකට තහනම් අහසින් බැස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න.
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි