🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Roon Peththa Karakenawa
Play Video
Duration ⏱ 02:31
Category Unknown
Unknown ▶ YouTube Original Song

Roon Peththa Karakenawa

රූං පෙත්ත කැරකෙනවා.. කෝම් පිට්ටු ඉදිවෙනවා

Watch on YouTube
රූං පෙත්ත කැරකෙනවා
කෝම්පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා
ං පෙත්ත කැරකෙනවා
කෝම්පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා
 
පුංචි පුතේ නුඹ ආපසු අම්මි
හුඟක් වෙනස් වෙලා
පුංචි පුතේ නුඹ ආපසු අම්මි
හුඟක් වෙනස් වෙලා
එදාවගේ නෑ
මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ
 
රූං පෙත්ත කැරකෙනවා
කෝම්පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා
 
සුදු කොට රැළි ගවුම ඇඳන්
පාසැල්ගිය කාලෙවගේ
සුදු කොට රැළි ගවුම ඇඳන්
පාසැල්ගිය කාලෙවගේ
හිනාවෙන්නෙ නෑ
නුරා රැඳුණු කෝල බැළුම් දැන් හෙළන්නෙ නෑ
 
රූං පෙත්ත කැරකෙනවා
කෝම්පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා
රූං පෙත්ත කැරකෙනවා
කෝම්පිට්ටු ඉදිවෙනවා
 
අම්මි නුඹට සුරංගනා කතා කියනවා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ