🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Ran Masu Ran Kiri Garuda Thalawaka
Play Video
Duration ⏱ 04:29
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ran Masu Ran Kiri Garuda Thalawaka

රන්මසු රන් කිරි ගරුඬ තලාවක

Watch on YouTube
රන්මසු රන් කිරි ගරුඬ තලාවක 
සැලෙන හදින් ඔබ අමතන්නේ 
පා යුග එසවෙනවා 
මා ඔබ වෙත එනවා 
ආවා සොයා . . . ආවා සොයා . . . 
ආවා සොයා ආදරේ //
 
දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද 
ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ 
හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ 
ආවා සොයා . . . ආවා සොයා . . . 
ආවා සොයා ආදරේ ...
 
ලස්සන මල් දහසක් අතරින් 
ඔබගේ දසුන පෙනේ 
කුංකුම චන්දන සුවඳ මැදින්
ඔබගේ සුවඳ දැනේ 
මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ //
 
රන්මසු රන් කිරි.....
 
කල්ප ගණන් එකතුව උන්සේ 
නිරතුරු මට වැටහෙයි 
අල්පයකුදු ඔබ ළග නැතිනම් 
කල්පය ලෙස තේරෙයි 
ජීවිතේ මිහිරි බැව් හැගෙ‍න්නෙ ඔබෙන් තමා //
 
රන්මසු රන් කිරි.....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ