රාධා ක්‍රිෂ්ණා.. රාමා සීතා
Radha Krishna Rama Seetha
  • Lenght : 05:03

  • Song

    රාධා ක්‍රිෂ්ණා.. රාමා සීතා ගී පද / Radha Krishna Rama Seetha Lyrics

    රාධා ක්රිෂ්ණා රාමා සීතා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
    සාලිය මාලා ගාමිණී චීත්රා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
    අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ
    ආදරයේ රන්කිරි කට ගෑ......
     
    පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු
    සිහින ලොවේදී රෑ තුන්යම අපි සිනාසෙමු
    ගතින් නොබැඳුනත්
    දිවිය පුරා අපි සිනාසෙමු....සිනාසෙමු....
    රාධා ක්රිෂ්ණා රාමා සීතා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපි......
     
    අරුනළු සිඹ සිඹ සුර්යකාන්ත මල් සිනා සෙතේ
    සඳකැන් සිඹ සිඹ කොඳමල් සඳ හා සිනා සෙතේ
    හිරු සඳු කුමටද
    අප හද මල් නිති සිනා සෙතේ... සිනා සෙතේ...
    රාධා ක්රිෂ්ණා රාමා සීතා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
     
    සාලිය මාලා ගාමිණී චීත්රා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
    අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ
    ආදරයේ රන්කිරි කට ගෑ......
    රාධා ක්රිෂ්ණා රාමා සීතා
     
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
     
    සාලිය මාලා ගාමිණී චීත්රා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS