පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
Punchi Dagakariye
  • Lenght : 03:12

  • Lyrics

    Mahinda
    K
    Song

    පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ ගී පද / Punchi Dagakariye Lyrics

    පුංචි දඟකාරියේ
    විහඟ ගීතෙන් ගැයූ
    කිම ද රණ තිසර ලියතඹර
    පෙති ගිලිහියේ
    කවුරුන් ද මල් වයසෙ
    මගෙ යහන ගිනිබත් කළේ
    මනමාලියේ
    මනමාලියේ
    දඟකාරියේ...
     
    බිඟු දබර කළ සිතේ දිය බොරවෙලා
    විෂ බඹර තුඩුවලට පෙති හැකිලිලා
    දෙකොපුල් රිදුණා ද දඟකාරියේ //
    කියන් ළඳේ මට රහසේ
    ඔබට මං පණ වගේ ආදරේ //
     
    පෙම වහන් කළ සිතේ නෙතු වැළලිලා
    විහඟ ගී රාවයෙන් තෙරපිලා
    සෙනෙහස ලැබුණා ද දඟකාරියේ //
    කියන් ළඳේ මට රහසේ
    ඔබට මං පණ වගේ ආදරේ //
     
    පුංචි දඟකාරියේ.....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS