පෙම් හීන මල් පිපෙන මාවතේ
අපි ආදරෙන් උන්නු කාලයේ
ඔබෙන් පෙම් කතා ඇසුනා
හදේ රූ රටා මැවෙනා
මතකයි නේද පෙම්වන්තයෝ
සිලිලාරෙ සිත් මානේ සීරුවේ
දඟකාර කම් පුරණ කාලයේ
හොරැහින් ආදරෙන් බලනා
රහසින් ළං වෙන්න සිතෙනා
මතකයි නේද පෙම්වන්තයෝ
ගඟ ළඟ ඉඳගෙන ගී මුමුණා
ඔබෙ අත ගෙන මම ඇවිදිනවා
ගඟ ළඟ ඉඳගෙන ගී මුමුණා
ඔබෙ අත ගෙන මම ඇවිදිනවා
වේදනා දැනුනේ නෑ පාලුවක් සිතුනේ නෑ
වේදනා දැනුනේ නෑ පාලුවක් සිතුනේ නෑ
ළං වීලා පෙමින් බැඳුණු සංසාරයේ
ඔබ ළඟ නැතිවිට සතුටක් නෑ
ඈත්ව යන්නට සිතුනෙම නෑ
ඔබ ළඟ නැතිවිට සතුටක් නෑ
ඈත්ව යන්නට සිතුනෙම නෑ
ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරලා
ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරලා
ඔබෙ ආදරේ දැනුන මේ ජීවිතේ
පෙම් හීන මල් පිපෙන මාවතේ
අපි ආදරෙන් උන්නු කාලයේ
ඔබෙන් පෙම් කතා ඇසුනා
හදේ රූ රටා මැවෙනා
මතකයි නේද පෙම්වන්තයෝ
සිලිලාරෙ සිත් මානේ සීරුවේ
දඟකාර කම් පුරණ කාලයේ
හොරැහින් ආදරෙන් බලනා
රහසින් ළං වෙන්න සිතෙනා
මතකයි නේද පෙම්වන්තයෝ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි