පෙම් හීන
Pem Heena
  • Category : Music Video
  • Year : 2016

  • Song

    පෙම් හීන ගී පද / Pem Heena Lyrics

    පෙම් හීන මල් පිපෙන මාවතේ
    අපි ආදරෙන් උන්නු කාලයේ
    ඔබෙන් පෙම් කතා ඇසුනා
    හදේ රූ රටා මැවෙනා
    මතකයි නේද පෙම්වන්තයෝ
    සිලිලාරෙ සිත් මානේ සීරුවේ
    දඟකාර කම් පුරණ කාලයේ
    හොරැහින් ආදරෙන් බලනා
    රහසින් ළං වෙන්න සිතෙනා
    මතකයි නේද පෙම්වන්තයෝ
    ගඟ ළඟ ඉඳගෙන ගී මුමුණා
    ඔබෙ අත ගෙන මම ඇවිදිනවා
    ගඟ ළඟ ඉඳගෙන ගී මුමුණා
    ඔබෙ අත ගෙන මම ඇවිදිනවා
    වේදනා දැනුනේ නෑ පාලුවක් සිතුනේ නෑ
    වේදනා දැනුනේ නෑ පාලුවක් සිතුනේ නෑ
    ළං වීලා පෙමින් බැඳුණු සංසාරයේ
    ඔබ ළඟ නැතිවිට සතුටක් නෑ
    ඈත්ව යන්නට සිතුනෙම නෑ
    ඔබ ළඟ නැතිවිට සතුටක් නෑ
    ඈත්ව යන්නට සිතුනෙම නෑ
    ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරලා
    ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරලා
    ඔබෙ ආදරේ දැනුන මේ ජීවිතේ
    පෙම් හීන මල් පිපෙන මාවතේ
    අපි ආදරෙන් උන්නු කාලයේ
    ඔබෙන් පෙම් කතා ඇසුනා
    හදේ රූ රටා මැවෙනා
    මතකයි නේද පෙම්වන්තයෝ
    සිලිලාරෙ සිත් මානේ සීරුවේ
    දඟකාර කම් පුරණ කාලයේ
    හොරැහින් ආදරෙන් බලනා
    රහසින් ළං වෙන්න සිතෙනා
    මතකයි නේද පෙම්වන්තයෝ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS