පාවෙන ජාති
Pawena Jathi
  • Category : Music Video
  • Year : 2022

  • Song

    පාවෙන ජාති ගී පද / Pawena Jathi Lyrics

    පාවෙන ජාති
    වැඩි භාවිත හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
    මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
    මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
    වැඩි වාසී ලැබෙනවා නම්
    ඕනිම දේකට දෙවියොත් සාක්කි
    මේ සෙල්ලම මාරම ආතල් නවකයෝ වැටුණම අහසින්
    අපි දැඟලුවේ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින්
    එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
    මට සෙට් නෑ උඹලගේ තාලේ
    කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
    කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
    සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ
    නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
    කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
    කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
    සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ
    නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
    තෙවනිමානෙන් අපි දැක්ක දේවල් මාර වෙනස්
    මාර වර්ණ රූප සිද්ධි හීන වගේ
    පාවී ගියා තුළ ක්ෂීරපථේ
    උඹේ මනස තමයි දොරේ යතුර
    මම එබිලා බැලුවා මගේ පතුල
    ඉපදෙද්දි ඝනේ සුර අසුර
    වෙනසක් නෑ හැබැයි ඇඟ ඇතුල
    පවතින්නේ නෑ දෙයක් සදාකාලික
    මේ රටාව අස්වාභාවික
    හැම දවසෙම පොළියත් එක්කම ගෙව්වා මං
    කරපු කර්මේ වාරික
    නිග මේක වෙන දිශාවක්
    සන්නද්ධ කරපු අසුර සේනාවක්
    පාවෙන ජාති
    වැඩි භාවිත හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
    මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
    මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
    වැඩි වාසී ලැබෙනවා නම්
    ඕනිම දේකට දෙවියොත් සාක්කි
    මේ සෙල්ලම මාරම ආතල් නවකයෝ වැටුණම අහසින්
    අපි දැඟලුවේ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින්
    එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
    මට සෙට් නෑ උඹලගේ තාලේ
    රාමු කඩා පිට වුණා මා
    හැමදෙනා විවේචණේ කළා මා
    නිග සීමා නෑ මේක කලාවක්
    උඹ බෑ කීව දේවල් කළා මා
    මගේ හේවිසි පෙරහැර දැන් ළඟ ළඟ
    අඩුපාඩු කියන්න කට මැද මැද
    උඹ ඉන්න බව මම දන්නවා
    මම හතුරගෙනුත් වැඩ ගන්නවා
    මේක තමයි ලෝකෙ ස්වභාවේ
    හොඳ නරකයි මැන්නේ තුලාවේ
    තුලාව නම් අපි කරාපු කර්මේ
    දැන් රැපර්සලා ලා කියන්නේ ධර්මේ
    කාපු කට්ට ගැන දේශනා දෙන උන්
    කාලා නෑ බන් මේකේ රියල් කටු
    බොරු බයිලා එපා බන් ඒකයි උඹලගේ
    වදන් වල කොලිටියත් අඩු
    පාවෙන ජාති
    වැඩි භාවිත හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
    මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
    මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
    වැඩි වාසී ලැබෙනවා නම්
    ඕනිම දේකට දෙවියොත් සාක්කි
    මේ සෙල්ලම මාරම ආතල් නවකයෝ වැටුණම අහසින්
    අපි දැඟලුවේ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින්
    එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
    මට සෙට් නෑ උඹලගේ තාලේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS