පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි