ඔබට දුන්නු ජීවිතේ අරන්
Obata Dunnu Jeewithe Aran
  • Category : Music Video
  • Lenght : 04:25

  • Lyrics

    W.
    Pradeep
    Song

    ඔබට දුන්නු ජීවිතේ අරන් ගී පද / Obata Dunnu Jeewithe Aran Lyrics

    ඔබට දුන්නු
    ජීවිතේ අරන්
    යන්න දුරක්
    තව පරිස්සමෙන්
    ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
    රකිනවා මගේ පණ වගේ රත්තරන්
     
    අහිතක් හිතන්නේ
    නෑ තුන් හිතකින් වත්
    හිමි නොවුනට නුඹ
    මේ සංසාරෙදී නම්
     
    මගේ වෙන්න මතු භවයෙදිවත්
    පෙරුමන් පුරන්
    හිත හදනාතුරු
    ලගින් ඉන්න පෙනෙනාතුරු
     
    ඔබට දුන්නු
    ජීවිතේ අරන්
    යන්න දුරක්
    තව පරිස්සමෙන්
    ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
    රකිනවා මගේ පණ වගේ රත්තරන්
     
    වයිර කරන්නෑ මං
    කවදාවත්ම
    හිනැහෙනු සැමදා ඔහුගේ
    පෙමත් එක්ක
     
    රැක ගන්නට ජීවය
    භාරයි සදවතී නුඹට
    වැරදිකරු මමයි
    අසම්මතයකට පෙම් බැන්ද
     
    ඔබට දුන්නු
    ජීවිතේ අරන්
    යන්න දුරක්
    තව පරිස්සමෙන්
    ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
    රකිනවා මගේ පණ වගේ රත්තරන්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS