🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 09 October 2026
Oba yana gamane
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Oba yana gamane

ඔබ යන ගමනේ මාවත අවුරා

Watch on YouTube
ඔබ යන ගමනේ මාවත අවුරා 
ගැරහුම් අවමන් අවි ඔසවා ඇත 
කැට මුගුරින් රළු පහර වැදී 
ලෝහිත ගංඟා ගලා ගියාවේ 
මලණුවනී.....නොසැලෙන් මලණුවනී
 
කඳුළින් උපන්නෙමී 
ගැරහුම් අසමින් ඉනූ කඳුළකින් 
ලෝකය හැඳින්නෙමී 
 
පල ඇති ගසටයි පහර වැදෙන්නේ 
සඳු දැක සිවුපාවුන් මොර දෙන්නේ 
කටු පඳුරෙන් දස දෙසම වැසී 
හදවත ඉකි බිඳිමින් හැඬුවාවේ 
මලණුවනී.....නොසැලෙන් මලණුවනී
 
කඳුළැල් විඳින්නෙමී 
ගැරහුම් අවමන් මල් දම් සේ ගෙන 
නව මං සොයන්නෙමී 

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026