ඔබ දැක ගැනීමේ.. අරමුණ දිවා රැයේ
Oba Daka Ganime Aramuna
  • Lenght : 04:04

  • Song

    ඔබ දැක ගැනීමේ.. අරමුණ දිවා රැයේ ගී පද / Oba Daka Ganime Aramuna Lyrics

    ඔබ දැක ගැනීමේ
    අරමුණ දිවා රැයේ....
    දෙඇසේ කැවි කැවේ
    වැලි ලෑ විලාසේ....//
     
    ඔබ දැක ගැනීමේ....
     
    සෙනෙහේ වරුසා වැටී.. ඔබ හමුවේ....
    සතුටේ රිදී දියේ.. සිත පාවේ....
    ලොව කැළඹුනාවේ....
    ඒ සුලු වෙලාවේ...
    අපි ඉමු කතා නැති
    දරුවෝ විලාසේ...
     
    ඔබ දැක ගැනීමේ
    අරමුණ දිවා රැයේ....
    දෙඇසේ කැවි කැවේ
    වැලි ලෑ විලාසේ....
     
    ඔබ දැක ගැනීමේ....
     
    දවසේ තුන් යාමයේ.. ඔබ ඇසුරේ....
    පසුවී නොයා බිඳී.. අද වාගේ....
    විසුමට කොහේ හෝ
    මේ මිහිතලාවේ....
    හෙවනක මුවා වෙමු
    මිහිරේ පමාවී....
     
    ඔබ දැක ගැනීමේ
    අරමුණ දිවා රැයේ....
    දෙඇසේ කැවි කැවේ
    වැලි ලෑ විලාසේ....//
     
    ඔබ දැක ගැනීමේ....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS