නිවන මසිත නිවන දකින
නුවන අවදිවන අලුයම
නවම ලොවක තතු පැවසෙන
දිනක් උදාවෙයි......
රනින් කිරණ රන් කැලුමින් පිරි කඳුරැල්ලේ
අලුත් ඉරක් පායනවා නව අරුණැල්ලේ.......
ගජබා, මහසෙන්, ගැමුණු රණවිරු කැල මැවූ අතීතේ
මට කුමටද, මම උපදිමි අදින් පසුව නැවුම් ප්‍රභාතේ.....
ජන රජ රණ කිරුළු පැළැඳ ජන හිත නිදහසින් පිබිද
රටක් දැයක් කියා දෙයක් ඇති බව හඟිනා මොහොතේ
ගරා වැටුණු නටබුන් මැද ගොඩනංවන අලුත් නගරයේ
දහසක් සිතිවිලි පිළිසිඳි මගේ මනස නමැති පුරවරේ....
හෙළ දද කුඹු ගස මුදුනට ඉහළමි නිදහසින් පිබිද
මටත් රටක් කියා දෙයක් ඇති බව සිතනා මොහොතේ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි