නැවුම් සුවඳින් ඔබේ මුව දුටු
රත්තරං දවසේ
සිතක ආදර පැතුම් මල් පෙති
අවදි විය රහසේ....
සුදුනි ඔබෙ සුදු දෙපා යට වෙන
සිහින් වැලි අතරේ
රැඳුණි මා හද සිහින සිතිවිලි
පැතුම් දිවි කතරේ....
උදා තරුවත් සමඟ අවදිව
නොහිඳ ඝන අඳුරේ
එන්න මා වෙත සිහිල් සුළඟක
දැවටිලා සොඳුරේ....
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි