නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
ඔබ සිටියා කවුළුව ළඟටම වී..
මඟතොටදී නොදුටුව විලස ඇදී..
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..
හුම්මානේ අප හමුවී..
සන්තානේ තව රිදුනි..
පෙරමඟ මා අද නැවතී..
යලි එය සිහිකරමී
මුවැත්තියක් ගුරුගෙට ආවා..
හන්තානත් ඉඟිඹිඟි පෑවා..
මල්පාරත් මට අත වැනුවා..
සුන්දරවූ සැන්දැ ගෙවුනා..
දුක සංකා නිවුනී..
අප දෑතම බැඳුනී..
මා ආදරේ ඔබටමයි..
වස්සානේ මහවැසි වැටුණා..
දෙසුම්හලේ පාලුව දනුනා..
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
සඳ නැතිවම සැන්දෑ ගෙවුණා..
මැයි මල් පිපෙන තුරා..
මහවැලි ගලන තුරා..
මා නෙත් පියෙන තුරා..
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි