නැවතී මෙතෙකින්
Nawathi Methekin (Nagena Bindena Hama)
  • Category : Music Video
  • Lenght : 04:56

  • Song

    නැවතී මෙතෙකින් ගී පද / Nawathi Methekin (Nagena Bindena Hama) Lyrics

    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුබේ මුව හිනැහෙනු මා දුටුවා...
    නොදැනිම වාගේ ඒ රුව බොඳකර
    කඳුලක් නෙත තනියට නැඟුනා...
     
    මතකද හැම රෑ පහන් වන තුරා
    පැතූ පැතුම් කෙලි සිනහ වදන්..
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...///
     
    ඉරණම ලියවී අප වෙන්කල දා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි..
    නුබ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොදුරේ කෙලෙසින්.....///
     
    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්...
    අන්සතු උයනක නුබ හිනැහෙනයුරු
    දැක තුටුවෙමි නැවතී මෙතකින්...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS