ඉඟි බිඟි පානා නෙතු මානේ
හිඳිමි නැවතිලා
නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ
දනිමි පමාවත් මගෙමයි
නොහෙලූවා නම් මා මුලාවේ
අදටත් නුඹේ ළඟමයි
අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළග රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි